ගොඩක් වෙලාවට දරුවොත් එක්ක කාලය ගත කරන්නේ ගෙදර අම්මා කෙනෙක්. ඒ නිසාම අම්මා කෙනෙක් දැනුවත් වෙන්න ඕනි, කොහොමද එම කාලය හරවත්ව ගත කරන්නේ කියලා. මොකද පුංචි දවස්වල එයාලා කාලය ගත කරන විදිහට තමයි වැඩිහිටියන් වෙලා කාලය ගත කරන්නෙත්. ඒ නිසාමයි අපි හිතුවේ ඔබට ඔබගේ දරුවා සමඟ හරවත්ව කාලය ගත කරන්නේ කොහොමද කියල කියා දෙන්න.




01. ගෙදර වැඩ පොඩ්ඩත් එක්ක කරන්න.

ඔබගේ දරුවා නිතරම හදන්නේ අම්මා එහෙමත් නැත්නම් තාත්තා කරන වැඩ කරන්න නේද. ඒ කියන්නේ ලොකු අයගේ වැඩ කරන්න මෙයාල හරි දක්ෂයි. ඒ නිසා එයත් එක්ක එකතු වෙලා ඔබ සමාන්‍යයෙන් නිවසේ කරන වැඩ කටයුතු කරන්න පුළුවන්. එකෙන් පොඩ්ඩාටත් සතුටක් ඇති වේවි.


02. දරුවොත් එක්ක කෑම උයන්න.

ආහාර පිසීම කියන්නේ ඔබට දරුවන් සමඟ විනෝද විය හැකි තවත් එක ක්‍රමයක්. මෙහිදී ඔබට පුළුවන් දරුවන් හට ආහාර පිසීමට කියා දෙන්න වගේම ඔවුන් එක්ක එකතු වෙලා සතුට ලබාගන්න. මෙහිදී ඔබ පරිස්සම් විය යුතු දෙයක් තමයි දරුවන් ඔබටවත් නොදනිම පිහි වගේ දේවල් අතට ගන්න ගන්න පුළුවන්. ඒ නිසා ටිකක් කල්පනාවෙන් තමයි ඔබ දරුවන් සමඟ මුළුතැන්ගෙයි කටයුතු කරන්න ඕනි.


03. ව්‍යායාම කරන්න.

ව්‍යායාම කිරීම කියන්නේ නිරෝගිමත් ජීවිතයකට ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා ඔබට පුළුවන් ඔබගේ දරුවන්වත් අරගෙන ටිකක් ඇවිදින්න යන්න. මෙය ඇත්තටම විනෝදයක් ගෙන දීමක් වන අතර ඔබගේ දරුවාගේ සෞඛ්‍යයටද මෙය ඉතාමත් වැදගත්.


04. දරුවන් සමඟ ෂොපින් කරන්න යන්න.

ඔබට පුළුවන් ඔබගේ දරුවාව ෂොපින් යන්න එකතු කරගන්න. හැබෙයි ඉතින් පොඩ්ඩෝ එක්ක ෂොපින් ගියාම ටිකක් වදේ. මොකද දකින දකින දේ ඉල්ලන්න පුරුදු වෙනවනේ. කවදාවත් ඔබ දරුවන්ට ඉල්ලන හැමදේම නම් අරන් දෙන්න එපා. අරපිරිමැස්මෙන් ෂොපින් කරන්න එයාලට කියලා දෙන්න. මෙය දරුවන්ට වැදගත් තවත් එක පාඩමක්.


05. එකට ආහාර ගන්න.

පවුලක් තුල එකට ආහාර ගැනීම කියන්නේ පවුලේ සමගිය වැඩි කිරීමට හේතුවක්. ඒ නිසා ඔබ ඔබගේ දරුවන් සැමවිටම ආහාර ගැනීම සඳහා එක් කරගන්න. ඇත්තටම මෙය කතාවකට මුල පිරීමට හොඳ වෙලාවක් වේවි.


06. නිදාගන්නට පෙර ටිකක් කියවන්න.

දරුවන් සමඟ ඔබ කාලය ගත කිරීම ඉතාම වැදගත්. ඔබ වෙන් කරගන්න මේ කාලය නිසා ඔවුන් හා ඔබ අතර හොඳ සම්බන්දතාවයක් ගොඩනැගේවි. ඔබ නිදාගන්නට පෙර දරුවන්ගේ කාමරයට ගිහින් නිදහසේ ටිකක් වෙලා කතා කරන්න පුරුඳු වෙන්න.


07. එකතුවෙලා පොතක් කියවන්න.

මෙය ඉතාමත්ම හොඳ වැඩක්. ඔබ දරුවන් සමඟ එකතු වෙලා වෙලාවක් වෙන් කරගෙන පොතක් කියවන්න. දරුවන් ගොඩක් කැමති දෙයක් තමයි කතා අහන එක. ඔබ රාත්‍රියට රූපවාහිනිය ඉදිරිපිට ගත කරන වෙලාව පුලුවන් නම් මේ සඳහා යොදා ගන්න. මෙය ඉතාමත්ම හරවත් පැය කිහිපයක් වේවි.


08. ක්‍රීඩාවක් කරන්න.

මෙය නම් පොඩ්ඩෝ ඉතාමත්ම කැමති දෙයක්. මොකද එයාලත් බලන් ඉන්නේ කොයි වේලාවෙද සෙල්ලන් කරන්න වෙලාවක් හම්බෙන්නේ කියලා. ඒ නිසා ඔවුන් එක්ක ටිකක් සෙල්ලම් කරන්න. මෙහිදී දිනුම් නෙවේ, ලබාගන්නා විනෝදය ඉතාමත්ම වටිනා බව දරුවන්ට කියා දෙන්න.


09. ආගමික කටයුතු සඳහා කාලය වෙන් කරන්න.

ඔබ දරුවන් සමග කාලය ගත කිරීමට වෙලාව වෙන් කරගැනීමේදී, මතක් කරලා ආගමික කටයතු කිරීම සඳහාත් පුංචි කාලයක් වෙන් කරගන්න. මාසෙකට සැරයක්වත් දරුවන් සමග ඔබ දෙදෙනා ආගමික ස්ථානයක් වෙත යන්න පුරුදු වෙන්න. මෙය ඔබගේ නිවසේ සබඳතාවන් ශක්තිමත් වෙන්න ඉතාමත් වැදගත් වේවි.


10. දරුවන් සමඟ පාසල් වැඩ කරන්න.

ඔබ දරුවන් සමඟ කාලය ගත කරද්දී, දරුවන්ගේ පාසල් ගෙදර වැඩ කිරීම සඳහාද යම් කාලයක් වෙන් කරගන්න. මෙහිදී ඔබ දරුවාගේ ගුරුවරයකු නොව මිතුරෙකු ලෙස ඔහුට අමාරු පාඩම් කියා දෙන්න. දරුවා සමඟ වැඩ කරද්දී කිසිම වෙලාවක ඔහුට ගහන්න එහෙමත් නැත්නම් බනින්න නම් එපා.

  • TAGS
  • 9
SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here